පැලවත්ත – නෙළුව ප්‍රධාන මාර්ගය නායයාමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබේ. මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දීමක් කර තිබේ.

මේ අතර ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම්දීමට සහ සහය සේවා සැලසිම සඳහා පොලීසිය විසින් විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව 011 2421820 / 011 2421111 යන මෙම විශේෂ දුරකථන අංක ඔස්සේ අපදා සහන සඳහා ඇමතිය හැක.

Share.

Comments are closed.