එමීර් රාජ්‍යයේ අවම වේග සීමාවට අඩුවෙන් රිය පැද වූ රියදුරන් ලක්ශ 3 කට දඩ නියම කර තිබේ.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ රථවාහන අනතුරු සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරේ, එමීර් රාජ්‍යයේ මාර්ගවල අවම වේග සීමාවට වඩා අඩු වේගයකින් රිය පැදවීම හේතුවෙන් රියදුරන් 300,147 දෙනෙකුට දඩ නියම කර තිබෙනවා. මෙම මන්දගාමී රිය පැදවීම අනතුරු රැසකට හේතු වන බව සඳහන්ය.

ෆෙඩරල් රථවාහන නීතිය අවම වේග සීමාවට වඩා අඩුවෙන් රිය පැදවීම සහ පිටුපසින් හෝ පසුකර යන මංතීරුවේ වේගවත් වාහනවලට ඉඩ නොදීම සඳහා ඩිරාම් 400 ක දඩයක් නියම කෙරේ. නීතියෙන් මන්දගාමී වාහන සඳහා දකුණු මංතීරුවද වේගවත් ගමන් වාහන සඳහා වම් මංතීරුවද  නම් කර ඇත.

2023 මැයි මාසයේදී අබුඩාබි අනතුරු අවම කිරීමට සහ රථවාහන ප්‍රවාහය වැඩි දියුණු කිරීමට ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් පාරේ පළමු මංතීරු දෙකෙහිම අවම වේග සීමාව පැයට කිලෝමීටර් 120ක් ලෙස හඳුන්වා දී තිබේ. මෙම අධිවේගී මාර්ගයේ උපරිම වේගය පැයට කිලෝමීටර 140කි. අවම වේගයක් නියම කර නොමැති තුන්වන මංතීරුවේ මන්දගාමී වාහනවලට අවසර දී ඇති අතර බර වාහන අවම වේග රීතියට යටත් නොවන අවසාන මංතීරුව භාවිතා කළ යුතුය.

Share.

Comments are closed.

Exit mobile version