ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අනුකරණය කළ නොහැකි පරිදි ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් නව මුද්‍රාවක් නිකුත් කර ඇත.

පසුගිය ජුනි 01 දින අලුයම 12 සිට පළමුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුල හඳුන්වා දෙමින් මෙම නව මුද්‍රාව ක්‍රියාත්මක කළ බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

1948 සිට මෙතෙක් භාවිතා කල පැරණි මුද්‍රාව බොහෝ වංචනික පුද්ගලයින් අනුකරණය කරමින් ව්‍යාජ මුද්‍රා සකස් කර භාවිත කර තිබූ අවස්ථාවන් පිලිබඳ වාර්තා වී ඇති බැවින් මෙම නව මුද්‍රාව නිකුත් කල බවත්, ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, වරාය සහ මගී නෞකා සඳහා භාවිත කිරීම සඳහා කාණ්ඩ තුනක් යටතේ වෙන වෙනම මුද්‍රා තුනක් නිර්මාණය කර ඇති බව හෙතෙම අවධාරණය කලේය.
මෙහි ආගමන මුද්‍රාව නිල් පැහැයෙන් සහ විගමන මුද්‍රාව කොළ පැහැයෙන් භාවිතා කරන බව වාර්තා වේ.

Share.

Comments are closed.