කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 77ක් පමණි.

එහිදී කුසල් මෙන්ඩිස් 19(30), ඇන්ජලෝ මැතිව්ස් 16 (16) හා කමිඳු මෙන්ඩිස් 11(15) ක්‍රීඩාකළ ඉනිම් ත්‍රිත්වය හැර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු දහයේ සීමාව හෝ පසුකර යාමට නොහැකි විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අන්රිච් නොකියා සිය පන්දුවාර 04 අවසන් කළේ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් ලකුණු 07ක් තුළ දවාගනිමිනි.

ශ්‍රී ලංකාව අද රැස්කළ ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ ඔවුන් ජාත්‍යන්තර විස්සයි20 තරගයදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

දකුණු අප්‍රිකාව හමුවේ දුර්වල ලෙස ඉනිම ගොඩනගමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු පන්දුවාර 10 තුළදී කඩුලු 05ක් දැවී රැස්කිරීමට හැකිවූයේ කඩුලු 05ක් දැවී ලකුණු 40ක් පමණි.

එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු පන්දුවාර 10 අවසන් වද්දී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරට එක් විය.

මීට පෙර ශ්‍රී ලංකාව මෙම තත්ත්වයේදී ලබා තිබූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතර දැක්වෙන්නේ 2021 වසරේ කොළඹදී පැවැති තරගයක දී කඩුලු 02ක් දැවී ලකුණු 42ක වාර්තාවය.

තවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි20 තරගයදී ලබාඇති අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ 2016 වසරේ ඉන්දියාව හමුවේ ඉන්දියාවේදී පැවැති තරගයකදී සියලු දෙනා ලකුණු 82කට දැවී යාමයි.

පළමුව පන්දුවට පහර දීම ශ්‍රී ලංකාවෙන්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව අද (03දා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.

ඩී කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ 04වැනි තරගය ලෙසින් පැවැත් වේ.
මෙම තරගය කණ්ඩායම් දෙකමට විශේෂිත තරගයක්ද වන බව සඳහන් ය.

අද දින තරඟය පැවැත්වෙන නිව්යෝර්ක්හි නසාව් ක්‍රීඩාංගණය මෙවර ලෝක කුසලානය වෙනුවෙන්ම ඉදි කල අතර, එහි පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම

1 පැතුම් නිශ්ශංක, 2 කුසල් මෙන්ඩිස් (Wk), 3 කමිඳු මෙන්ඩිස්, 4 සධීර සමරවික්‍රම, 5 චරිත් අසලංක, 6 ඇන්ජලෝ මැතිව්ස්, 7 වනිඳු හසරංග (නායක), 8 දසුන් ශානක, 9 මහේෂ් තීක්ෂණ, 10 මතීෂ පතිරණ, 11 නුවන් තුෂාර

දකුණු අප්‍රිකානු කණ්ඩායම

1 ක්වින්ටන් ඩි කොක් (Wk), 2 රීසා හෙන්ඩ්‍රික්ස්, 3 ඒඩන් මාක්‍රම් (නායක්), 4 හෙන්රිච් ක්ලාසන්, 5 ඩේවිඩ් මිලර්, 6 ට්‍රිස්ටන් ස්ටබ්ස්, 7 මාර්කෝ ජැන්සන්, 8 කේෂව් මහාරාජ්, 9 කගිසෝ රබාඩා, 10 අන්රිච් නොකියා, 11 ඔට්නයිල් බාර්ට්මන්

Share.

Comments are closed.