2024 වසරේ මැයි මස 31 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරයට සාපේක්ෂව සියයට 7.3කින් අති ප්‍රමාණය විය.

නමුත් 2024 මැයි මාසයේ දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයක් දක්නට ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2024 අප්‍රේල් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව මේ බව අනාවරණය කරයි.

2024 වසරේ මැයි 31 දක්වා කලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලටය සාපේක්ෂව අතිප්‍රමාණය වූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.