පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වයත් සමඟ රෝග කිහිපයක ව්‍යාප්තිය වැඩිවනු ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

පාචනය, අතීසාරය, උණසන්නිපාතය සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

අපිරිසිදු ජලය සහ අපිරිසිදු ආහාර මඟින් පාචන රෝගය බෝවන අතර උණත් සමග වමනය, බඩේ අජීර්ණය, උදර වේදනාව මෙහි රෝග ලක්ෂණ වේ. පාචනයට අමතරව වැසිකිළි යාමේදී රුධිරය සමඟ මළ පිටවන්නේ නම් අතීසාර රෝගය විය හැකි බව ඔහු සඳහන් කරයි.

උණ වෛරසය ඉක්මනින් පැතිරෙනවා නම් ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බවත් මීට අමතර සීතල කාලගුණය හේතුවෙන් කුඩා ළමුන් අතර හතිය රෝගය වැඩිවීමට ඉඩකඩ පවතින විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කලේය.

Share.

Comments are closed.