අපරාධ නඩු විධාන සංග්‍රහයේ  සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අපරාධ නඩු කඩිනමින් විසඳා ගැනීම, අධිකරණ කටයුතු වල ප්‍රමාදය අවම කර ගැනීම තුළින් නඩු ගොඩ ගැසීම අඩුකර ගැනීම මෙන්ම බන්ධනාගාර තදබදය අඩු කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව තුළට වරදක් පිළිබඳ එකඟතාවයට පත්වීම සඳහා වූ ක්‍රමවේදය හඳුන්වා දීමට හැකිවන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා 2023-3-7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

යෝජිත සංශෝධනය අනුව නඩු විභාගයකට පෙනී සිටීම වෙනුවට වරද පිළිගැනීමේ එකඟතාවයක් විත්තිය හා පැමිණිල්ල අතර ඇති ඇති කර ගනු ලබන බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස දඩුවම් දඩ මුදල් හෝ වන්දි මුදල් අවම කර ගැනීම සඳහා නිර්දේශයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි රජය කියා සිටී.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.

අදාල පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share.

Comments are closed.