ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය සඳහන් කලාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම් ඉක්මණින් එළඹෙනු ඇති බවට දැඩි අපේක්ෂාවකින් පසුවන බවයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12 වනදා රැස්වීමට නියමිත අතර එහිදී දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවත් එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.