පාදුක්ක වග ඉරිදා පොළ ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයේ දී ජීවිත අහිමි වීමට ගිය අඹු සැමි යුවළක් බේරා ගැනීමට ක්‍රියා කළ 17 හැවිරිදි පාදුක්කෙ වෙසෙන චරිත්මා ජිනේන්ද්‍රි දිරිය දියණියටක් පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) ඇගයීමක් සිදු කෙරිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථමයෙන් එම සිද්ධිය සිහිපත් කරමින් ඇය වෙනුවෙන් සිය ගෞරවය ප්‍රකාශ කළ අතර පසුව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සහ මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි යන මහත්වරු ද ඊට සහාය පළ කරමින් අදහස් පළ කළහ.

ගංවතුර නිසා චරිත්මා ජිනේන්ද්‍රි දැරියගේ සියලු දේ පවා අහිමි වී ඇති නිසා ඇයට ජනාධිපති අරමුදලින් යම් ආධාරයක් ලබා දිය යුතු බවත් එවැනි විරෝධාර ක්‍රියාවක් සිදු කර ඇය ජීවිත 2ක් බේරා ගත් නිසා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම ප්‍රණාමය පුදකර සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇය සිදු කළ වීර ක්‍රියාව අගය කළ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ගංවතුර හේතුවෙන් ඇයට අහිමි වූ පොත් පත් ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරාදීම සඳහා ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන බවය.

Share.

Comments are closed.