ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විමර්ශන සඳහා සහායවීමට ශ්‍රී ලංකාවේ සිදුවූ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙක් වෙතත් වහාම බ්‍රිතාන්‍ය පොලිසියට දැනුම් දෙන ලෙසද එරට ත්‍රස්ත මර්දන ඒකකය ඉල්ලීමක් කර ඇත.

එම විමර්ශනවල ප්‍රගතිය මත ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට සම්බන්ධ යැයි සැකපිට දෙවැනි පුද්ගලයා අත් අඩංගුවට ගැනීමෙන් පසුව එරට ත්‍රස්ත මර්දන ඒකකය මහ ජනතාවගෙන් මෙලෙස ඉල්ලා සිටියේය.

Share.

Comments are closed.