මෙරට මාසික බිත්තර නිෂ්පාදනය ලක්ෂ පහමාරත් හයත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර් අලහකෝන් මහතා පවසයි.

මේ අතර රටේ මාසික බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කොට ඇත.

දැනට වෙළඳපොළේ බිත්තර මිල ගණන් කිහිපයක් යටතේ අලෙවියට ඇති බැවින් ජනතාවට පහසු ලෙසින් මිලදී ගත හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරති.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් සත්ත්ව ගොවිපළවල් රැසකට හානි සිදු වී තිබීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.