මන්නාරමේ වැලි කඳු ඩෙල්ෆ්ට් දූපත ඇතුළු ස්ථාන කිහිපයක ඩ්‍රෝන කැමරා යෙදවීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් අවසර ඉල්ලා තිබේ.

ඒ යෝග ව්‍යායාම මෙරටට හඳුන්වාදීමේ ව්‍යාපෘතියක් සඳහා බව සඳහන් කරමිනි.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ‍්‍රී ලංකා රජයෙන් මෙම අවසරය ඉල්ලා ඇත.

මන්නාරමේ වැලි කඳු, මන්නාරමේ යෝධ ගස, ඩෙල්ෆ්ට් දූපත ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන අටක ඩ්‍රෝන කැමරා යෙදවීමට මෙමගින් අවසර ඉල්ලා තිබේ.
මෙම ලිපිය ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.

Share.

Comments are closed.