ඇපල් සමාගම සිය ජංගම දුරකථන AI තාක්ෂණයෙන් නව්‍යකරණය කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී අනාවරණය වූයේ ඇපල් සමාගමේ මීලඟ අයිෆෝන් නිෂ්පාදනය AI තාක්ෂණය සහිතව නිර්මාණය කරන බවයි.

තවද මෙහි විශේෂාංග බල ගැන්වීම සඳහා Open AI සමාගමේ ජනප්‍රිය chat GPT යෙදුම අයිෆෝන්වලට අන්තර්ගත කරන බව ඇපල් සමාගම නිවේදනය කර තිබේ

ඕනෑම අයෙකුට ගිණුමක් සෑදීමෙන් තොරව Chat GPT වෙත පිවිසිය හැකි බවත් ගෙවා ලබා ගත් විශේෂාංග වෙත ප්‍රවේශවීමට ගිණුම් සම්බන්ධ කල හැකි බවත් ඇපල් සමාගම නිවේදනය කරයි.
එසේම හඬ මගින් අන්තර්ක්‍රියා කල හැකි සිරි (siri) යෙදුම මගින් ඇපල් දුරකථනවලට කෙටි පණිවිඩ, ඊමේල්, සහ තෙවැනි පාර්ශවයක යෙදුම්වලටද ප්‍රතිචාර දැක්විය හැකි බව සඳහන් වේ.

දුරකථන හිමියා වෙනුවෙන් ඊමේල් ලිවීමටත් අවස්ථානුකූලව හඬින් පණිවිඩ යැවීමටද Siri යෙදුම සමත් වන බවත් සඳහන්ය.
මෙම වසර අග භාගයේදී Chat GPT යෙදුම ඇපල් අයිෆෝන්වලට අන්තර්ගත කිරීමට කටයුතු කරන බව මෙහිදී නිවේදනය කලේය.
AI තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමෙන් පසු අයිෆෝන් අලෙවියේ ඉහල වර්ධනයක් අපේක්ෂා කරන බවද ඇපල් සමාගම වැඩිදුරටත් පවසයි.

Share.

Comments are closed.