ඖෂධ වට්ටෝරු සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරට නොමැති වීමෙන් ඇතැම් බෙහෙත් වර්ග සකස් කිරීමට නොහැකි වී ඇති බව ආයූර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.

ඒ අතර මී පැණි,සූදුරු,මහදුරු,වෙනිවැල්ගැට වැනි ඖෂධ මෙරට ප්‍රමාණවත් ලෙස නොමැති බව පැවසීය.

මී පැණි මෙරට ප්‍රධාන පෙළේ හෝටල් වල උදේ ආහරයට තැබීමෙන් ඖෂධ වර්ග නිෂ්පාදනයට මී පැණි නොමැති බව ආයූර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා පැමිනියේය.

ඒ හේතුවෙන් මී පැණි ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වීම කෙරෙහි අවධානය යොමුව ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.