2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. 

එහි සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා සඳහන් කළේ, ලබන ජූලි 17 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට සිය කොමිසමට බලය ලැබෙන බවය.

2024 ඡන්ද හිමි නාමලේඛණයේ හිමිකම් හා විරෝධතා පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු වේ. 
මැතිවරණ කොමිසම සඳහන් කළේ, ජූලි අග වනවිට 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවය.

සැප්තැම්බර 17 ත් ඔක්තොම්බර් 16 ත් අතර කාලයේ අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. 

Share.

Comments are closed.