හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කලේය.

ඔහු මේ බව පැවසුවේ පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමේ උත්සවයකට එක් වෙමිනි.
උත්සවය පැවැත්වුණේ වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේදීයි.

මෙහිදී වැලිමඩ ඌව පරණගම පාරම්පරික හේවිසි වාදනකරුවන් ඇගයීමට ලක් කර ඇත.
ඔවුන්ගේ දක්ෂතාවලින් මෙම උත්සවය වර්ණවත් වූ බව සඳහන්ය.

Share.

Comments are closed.