දිස්ත්‍රික්ක 11 ක් පුරා ක්‍රියාත්මක වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන මඟින් එම අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7,700කට අධික ප්‍රමාණයක් එක් රැස්කර ගැනීමට හැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

අදාළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන යෙමු කිරීමට පියවර ගෙන ඇති බව එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චතුර මල්වැන්න මහතා සඳහන් කළේය.

ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සිදුකරනු ලැබූ අපද්‍රව්‍ය එකතු කිරීම පසුගිය 3 හා 4 යන දිනවල සිදුකරනු ලැබූ බව සඳහන්.

Share.

Comments are closed.