නවසීලන්ත සීමිත පන්දු වාර කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට සහ 2024-2025 තරග වාරය වෙනුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය පිරිනමන මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට කේන් විලියම්සන් තීරණය කර තිබේ.

විදෙස් 20-20 ලීග් තරගාවලි සඳහා අවධානය යොමු කිරීමේ අරමුණින් විලියම්සන් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට තීරණය ගෙන ඇත.

මෙවර පන්දු වාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට නවසීලන්තයට සිදු වූ අතර එහිදී ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ නවසීලන්තය පරාජයට පත් වූයේය.

කේන් විලියම්සන් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක්, එක්දින තරග 165 ක් හා 20-20 තරග 93 ක් ක්‍රීඩා කර තිබෙන අතර ටෙස්ට් තරග 40කදී, එක්දින තරග 91 කදී හා 20-20 තරග 75 කදී ඔහු නවසීලන්ත කණ්ඩායම මෙහෙයවා ඇත.

2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් අනුශූරතාවය, 2021 20-20 ලෝක කුසලාන අනුශූරතාවය සහ 2021 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවය ද නවසීලන්තය දිනා ගත්තේ විලියම්සන්ගේ නායකත්වය යටතේයි. 2022 දෙසැම්බර් මාසයේදී ඔහු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් විය.

Share.

Comments are closed.