විදේශ රැකියා වංචා වැටලීම සඳහා මෙහෙයුම් පුළුල් කර ඇති බව  ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ සම්බන්ධ පැමිණිලි බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව, හාලිඇල, රත්නපුර, තංගල්ල, කුරුණෑගල හා මහනුවර යන පළාත් කාර්යාල සඳහා ලබා දිය හැකි බව කාර්යංශය කියා සිටි.

වසරේ ගත වු කාල සීමාව තුළ විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2155 කි. නීතිවිරෝධි රැකියා නියෝජිතායතන 11ක් හා සැකකරුවන් 65 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර වසරේ ගත වු කාල සීමාව තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලද පැමිණිලි මත වින්දිතයින්ගේ කෝටි 06 ක් අය කර ගැනිමට විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇත.

විදෙස් රැකියා වංචාවල නිරත වන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 2 86 42 41 දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

Share.

Comments are closed.