ශ්‍රී ලංකාවේ වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 5000ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය පැවසූවාය.

අවුරුදු 20 – 60 අතර පුද්ගලයන්ට මී උණ වැළදීමේ වැඩි ඉඩක් පවතින බව සඳහන්‍ ය.
පාදවල තුවාල ඇත්නම් මී උණ බැක්ටීරියාව ඉතා පහසුවෙන් ශරීර ගත වේ.

බැක්ටීරියාව සහිත ජලයෙන් මුහුණ ,කට හා නාසය සේදීම තුලින් ශේෂ්මල පටල හරහා විෂබීජය ශරීර ගතවිය හැකිය.
ඒ හේතුවෙන් කුඹුරු ඇතුළු අවධානම් ස්ථාන වලට යාමේදී ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකිරීම ඉතා වැදගත් බව පැවසුවාය.

මේ අතර වී ගොවීන්,පතල්කරුවන්,ඇළ මාර්ග සුද්ද පවිත්‍ර කරන්නන්ට වැඩි වශයෙන් මී උණ වැලදිය හැකි බව රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කෝලිත ජයසුන්දර මහතා පැවසීය.

මී උණ රෝගීන් වැඩි වශයෙන් රත්නපුර ,ගාල්ල ,කෑගල්ල ,මාතර ,කළුතර ,මොණරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බව පැවසීය.

මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.
තද උණ,ඇස් රතුවීම,බඩේ කැක්කුම,කැස්ස සහ අධික මස් පිඩු වේදනාව ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය බව වැඩිදුරටත් සඳහන් ය.

මි උණ මරණ වලින් බොහොමයක් සිදුව ඇත්තේ නිසි පරිදි ඖෂධ නොගැනීම හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මී උණ රෝගයට ඖෂධ තිබෙන අතර එම ඖෂධ නිසිපරිදි ගැනීමෙන් මී උණ රෝගය සුවපත් කර ගත හැකිය.

Share.

Comments are closed.