අසල්වැසි රට වන ඉන්දියාවේ මේ වන විට කුරුළු උණ රෝගීන් වාර්තාවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකා රජයට උපදෙස් දී ඇත.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් කුරුල්ලන් අතර ව්‍යාප්ත වන කුරුළු උණ රෝගය, බෝවන වෛරසයකි. සෙසු සතුන්ට මෙන්ම මිනිසුන්ටද මෙම රෝගය ආසාදනය වන අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රභේද සහ උප ප්‍රභේද කීපයක් පවතින බව සඳහන්ය. මෑතකදී ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය ආසාදනය වූ දරුවකු වාර්තා වූ අතර එම දරුවා 2019 වසරෙන් පසුව ඉන්ෆ්ලුවෙන්සා ඒ (එච්.9.එන්.2) වෛරසය අසාදනය දෙවැනි රෝගියා වේ.

මේ වන විට එම තත්වය මත ශ්‍රී ලංකාවට H5, H7 සහ H9 ආසාදනය වූ කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බවත් කුරුළු උණ රෝගය පිළිබඳ නිරීක්ෂණ කටයුතු කරන රෝහල්වලට සැකසහිත කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට හැකියාව තිබෙන බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා ප්‍රකාශ කළේය.

මිනිසුන්ට කුරුළු උණ රෝගය ආසාදනය වීම දුලබ නමුත් සතුන් සමඟ සිටින පුද්ගලයන්ට අවදානමක් තිබෙන බවද වෛද්‍යවරයා පැවැසුවේය.රෝගය ආසාදනය වීමෙන් වැලැකීමට සතුන් සමඟ ගැවසෙන පුද්ගලයන් නිතරම දෑත් සබන් යොදා සෝදන ලෙසත් ආරක්ෂක උපකරණ පළඳින ලෙසත් උපදෙස් ලබා දී තිබෙන බව වෛද්‍ය ජූඩ් ජයමහ මහතා වැඩිදුරටත් පැවැසුවේය.

Share.

Comments are closed.

Exit mobile version