තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමුවැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ සමාප්ති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.
දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදි සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටීමෙන් ඵලක් නොවන බව ඔහු පැවසීය.

පරිසරය හා බැඳුණු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සංවර්ධනය සහ ජනගහණයේ ව්‍යාප්තිය සමඟ අද රට පුරා තෙත්බිම් අහිමිවෙමින් පැවතීම හේතුවෙන් එය සංරක්ෂණය කර ගැනීමට කඩිනම් අවධානය යොමු කළ යුතු බව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කලේය.

හෝර්ටන් තැන්නට යාබද තවත් සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා අක්කර 1,000ක් වෙන් කර ඇති අතර තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම වැඩපිළිවෙළට සමගාමීව දකුණු පළාතේ තෙත්බිම් අක්කර 1,000කට වඩා වැඩි ප්‍රදේශයක් සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

Share.

Comments are closed.