සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වීමට අපේක්ෂා කල බවත්, එම අපේක්ෂක ධුරය ඔහු වෙත ලබා නොදුන් නිසා සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරන බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටී.

පා.ම පලනි දිගම්බරම් මහතා මේ බව කියා සිටියේ (21) දින හැටන් වැලිඔය ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්විමකදීය.
මෙහිදි අදහස් දැක් වු පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා හිටපු සැම පක්ෂයකම නායකයින් විවේචනය කරමින් කටයුතු කල අයෙකු බවයි.

හමුදා මානසිකත්වයෙන් පෙලෙන සරත් ෆොන්සේකා මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට සුදානමින් සිටින බවත්, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බව පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.