2050 වනවිට දිවයිනේ ජනගහනයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වනු ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

නවතම දත්ත වාර්තා වලින් ඒ බව අනාවරණය වී තිබේ. මේ වනවිට වයස අවුරුදු 65 වැඩි ජනගහනය සමස්ත ජනගහනයෙන් 18% දක්වා ඉහළගොස් ඇත.

1971 වසරේ එම තත්වය පැවතුණේ 06.3% බව සංඛ්‍යා ලේඛනවල දැක් වේ.
2050 වනවිට මෙරට වැඩිහිටි ජන ගහනය සමස්ත ජනගහනයෙන් 27.6% වනු ඇතිබව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ දත්ත වාර්තා වල සඳහන් වේ.

ඒ සඳහා අවශ්‍ය පුහුණ දීම සදහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහාචාර්යවරයා පැවසීය.

Share.

Comments are closed.