ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා හා බටහිර රටවල් සඳහා වීසා නිකුත් කිරීමේදී දැඩි පිළිවෙත් අනුගමනය ආරම්භ කර ඇත.

මේ හේතුවෙන් විදේශීය රටවල් සඳහා වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට වීසා ලබාගැනීම සඳහා සති ගණනාවක් බලා සිටීමට සිදුව තිබේ.

රටේ පවතින තත්ත්වය මුල් කරගෙන බොහෝ පිරිස් සංචාරක වීසා මත විදෙස්ගත වී දේශපාලන රැකවරණ අයැද සිටිති. මෙවැනි තත්ත්වයක් මත ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමේදී දැඩිව සොයා බලන ලෙස පසුව විදෙස් තානාපති කාර්යාල රැසක් එම නිලධාරීන් හට උපදෙස් දී ඇත.

විශේෂයෙන් දේශපාලනඥයන් ඔවුන්ගේ දරුවන් හා ඥාතින් වීසා ඉල්ලුම් කිරීමේදී දැඩිව සොයා බලන ලෙසද උපදෙස් වල සඳහන් වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වී කැනඩාවට ගොස් එරට දේශපාලන රැකවරණය අයැද තිබිණි.

Share.

Comments are closed.