විදේශගත වී සිට ලංකාවට යළි පැමිණෙන ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශ ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින් එකතු කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමට කටයුතු කරන බවත් එම වැඩසටහන ජූලි 07 වැනිදා ආරම්භ කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (22)ආරම්භ වූ ‘ජයගමු ශ්‍රී ලංකා අම්පාරට’ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනේදී ප්‍රකාශ කලේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම කටයුත්ත ආරම්භ කරන අතර ඒ සඳහා කටයුතු සූදානම් බව අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කල අතර ව්‍යවසායකයින් තැනීමේ සහ දිරිගැන්වීමේ රට තුළ ඇති අවශ්‍යතාව පිළිබඳවද විශේෂයෙන් පැහැදිලි කර සිටියේය.

Share.

Comments are closed.