විවිධ බැංකු ,වාණිජ ආයතන ,අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග ,මුදල් තෑගි ,දිනුම් වාසනා , රැකිරක්ෂා ලබාදීමට ,ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

අනුකාරක ( Fake web ) වෙබ් අඩවි ,සමාජ මාධ්‍ය (Social Media )වේදිකාවන්, SMS, WhatsApp , හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම් කරුවන් මහජනතාව හා සම්බන්ධ වීමට උත්සහ දරන බව වාර්තා වේ.

ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක ,ජංගම දුරකථන වල ඇති දත්ත සොර ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි.

මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.

එසේම විවිධ ජාතික හා ආගමික උත්සව මුල් කරගනිමින් මෙම වංචාකරුවන් කටයුතු කරනු දක්නට ලැබෙන බව වාර්තා වී ඇත. ශ්‍රී ලංකා සර්ට් ආයතනය ඇතුළු විවිධ සංවිධාන මෙම සයිබර් වංචාවන් පිලිබඳ පුළුල් දැනුවත් කිරීමේ ප්‍රචාරණයක් දියත් කොට තිබේ.

නොදැනුවත් භාවය හා නොසලකා හැරීම නිසා මෙම අපරාධවලට ගොදුරු වන්නන්ගේ පැමිණිලි දිනපතා වැඩිවෙමින් පවතී.

සැකසහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුන හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතන වල නිල වෙබ් අඩවි වලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වලකින ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය තවදුරටත් මහජනතාව ගෙන් ඉල්ලා සිටිති.

Share.

Comments are closed.