2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මැයි මාසය සඳහා 1.6% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා සිටී.

එසේම 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මැයි මාසයේ දී 0.5% ක් දක්වා අඩු වී ඇති බවද සඳහන් වේ.

2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මැයි මාසයේ දී 2.4% ක් දක්වා වැඩි වී තිබේ.

Share.

Comments are closed.