එලඹෙන ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය. e – පාස්පෝර්ට්  ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බව සඳහන් වේ.

කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාලසිමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ e – පාස්පෝට් නිකුත් කරන තුරු පමණක් බව පාලක ජනරාල්වරයා සඳහන් කරයි.

නොවැම්බර් මාසයේ සිට e – පාස්පෝට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමි පිරිස කඩිනමින් e – පාස්පෝට් ලබා ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

Share.

Comments are closed.