ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් මිල දී ගැනීමට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024-08-01 සිට 2024-12-31 දක්වා කාලය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් (0.05% M.S.) නැව් තොග 4 ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවා ඇත. 

ඒ අනුව ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, අදාල කාලය තුළ ඩීසල් බැරල් 280,000+/-5% ක් බැගින් වූ නැව් තොග 4 ක් සපයා ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව M/s Zhongxi Energy Development (Ningbo) Co. Ltd., China වෙත පිරිනැමීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කලේය.

Share.

Comments are closed.