2024-2026 කාලය සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අධ්‍යාපනික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා 2017-2020 දක්වා කාලසීමාව තුළ එළඹ ඇති ගිවිසුම සංශෝධන සහිතව 2024 -2026 දක්වා වන කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇත. 

මේ අනුව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ නවෝත්පාදන සම්බන්ධ තොරතුරු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම, දෙපාර්ශ්වයේ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන අතර ද්වීපාර්ශ්වික සහයෝගිතා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම,දෙපාර්ශ්වය විසින් එකඟ වූ ක්ෂේත්‍රවල ප්‍රථම උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ශිෂ්‍යත්ව  හුවමාරු කර ගැනීම හා දෙරටේ විශ්වවිද්‍යාල/ පර්යේෂණ මධ්‍යස්ථාන අතර සිසුන්/ විද්වතුන් හුවමාරු කර ගැනීම ආදී අරමුණු සහිතව 2034-2026 දක්වා වන කාලසීමාවට වලංගු වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ වියට්නාම සමාජවාදී ජනරජය අතර අධ්‍යාපන සහයෝගීතාව සම්බන්ධයෙන් වන ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share.

Comments are closed.