දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීම මේ වනවිට නවතා දමා ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පී.එච්.ගුණසිංහ මහතා පැවසීය.

ටිකට්පත් නිකුත් කරන සේවකයනගේ හිඟය ඊට හේතු වී ඇත. ටිකක් පත් නිකුත් නොකරද එම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වීමට බාධාවක් නොමැති බව දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එලෙස අතුරුගිරිය පිවිසුමෙන් ඇතුළු වූ බව පිටවීමේ පර්යන්තයේදී පැවසීමෙන් අනතුරුව මුදල් ගෙවිය හැකිය.කෙසේ වෙතත් අතුරුගිරිය පිටවීමේ පර්යන්තයේදී මුදල් අයකිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව වාර්තා වේ.

මෙම සේවක හිඟය මෙම සතිය තුළ පියවීමට කටයුතු කරන බවද සඳහන් ය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි සේවයේ නියුතු මුදල් අයකැමිවරුන් 22 සේවය පසුගියදා අත්හිට වූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පසුගියදා පැවසීය.

පසුගිය ජනවාරි හා පෙබරවාරි මාස වල මෙම මූල්‍ය වංචාව සිදුව තිබේ.

Share.

Comments are closed.