මෙම නව මිල ගණන් ජූලි 1 සිට අදාළ වන අතර ජූලි මාසයේදී දෙවන වරටත් එමීර් රාජ්‍යයේ පෙට්‍රල් මිල අඩු වී ඇත.

නව ඉන්ධන මිල දර්ශකය අනුව සුපර් 98 පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.99 ක් වන අතර ජුනි මාසයේදී එය ඩිරාම් 3.14 ක් විය.  Special 95 පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.88 ක් වන අතර පෙර මාසයේ ලීටරයක මිල ඩිරාම් 3.02 ක් විය.

E-Plus 91 පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.80 කි. එය ජූනි මාසයේදී ලීටරයකට මිල ඩිරාම් 2.95 ක් වූ අතර ඩීසල් ලීටරයක මිල ඩිරාම් 2.88 සිට ඩිරාම් 2.88 දක්වා ජූලි මාසයේදී  ඉහළ ගොස් තිබේ.

2015 වසරේ සිට එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල ජාත්‍යන්තර වෙළඳපොළට අනුකූලව ගමන් කරයි.

Share.

Comments are closed.