කරාපිටිය ශික්ෂණ රෝහල නැවත වර්ගීකරණය කර ගාල්ල ජාතික රෝහල ලෙස නම් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පී.ජී. මහීපාල මහතා කියා සිටී.

කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කිරීමට අවශ්‍ය සියලු නිර්ණායක සපුරා තිබීම සැලකිල්ලට ගෙන එය උසස් ශ්‍රේණිගත කිරීමකට පත් කළ බව ඔහු පැවසීය.

ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් මෙය ශ්‍රී ලංකාවේ තෙවැනි ජාතික රෝහල බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Share.

Comments are closed.