2024 වසරේ මේ දක්වා සමස්තයක් වශයෙන් අතිප්‍රමාණය වුවද, ශ්‍රී ලංකා රුපියල 2024 ජූනි මාසය තුළ දී අවප්‍රමාණය විය.

2024 වසරේ ජූනි මස 28 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.0කින් අතිප්‍රමාණය වී තිබේ.
කෙසේ වෙතත් මැයි සහ ජූනි මාසවල දී රුපියල පිළිවෙලින් සියයට 1.7 කින් සහ සියයට 1.2කින් අවප්‍රමාණය වී ඇත.

2024 වසරේ ජූනි මස 28 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය වී තිබෙන බවද වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.