ලංකා ඉන්දීය තෙල් සමාගම අද(02) සිට ඔවුන්ගේ IOC බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටේන් 100 වර්ගයේ පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාව තුල මෙම XP100 ඉන්ධන වර්ගය නිල වශයෙන් එළිදැක්වීම ඉන්ධන සහ බලශක්ති අමාත්‍යයවරයා, ඉන්දියානු මහා කොමසාරිස්තුමා සහ ගරු LIOC සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සවස 2.45ට නයින්වේල්ස් ලංකා ඉන්ධන පිරවුම්හලේ (Ninewells LANKA IOC Filling Station)දී සිදු කිරීමට නියමිතය.

මේ අනුව ශ්‍රී ලංකාව මෙම පෙට්‍රල් වර්ගය අලෙවි කරන ලෝකයේ අටවන රට බවට පත් වේ.
නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් ප්‍රමාණයක් සමග ඉහළ එන්ජින් ක්‍රියාකාරීත්වයක් අත්විඳිය හැකි බව ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.

මෙම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 793කට බව වාර්තා වේ.

Share.

Comments are closed.