ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික දරුවෙකු වන එකොලොස් හැවිරිදි වොරන්ට් සනුහක් පින්නවලගේ එරට ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් සමාජ සේවා රන් සම්මාන දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ දිළිඳු ජනයාට සහ විශේෂයෙන්ම දුප්පත් පාසැල් සිසුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම සදහා ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ලෝකයේ මෙතෙක් පැවති යුද්ධ වල දී අසරණ වී සිටින ජනතාවට සනුහක් පින්නවලගේ සිදු කළ උදව් උපකාර සහ සත්කාර අගය කිරීම සදහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සනුහක් පින්නවලගේ වෙත රන් සම්මානයක් ප්‍රදානය කර තිබේ.

සනුහක් පින්නවලගේ දෙමාපියන් ඇමෙරිකාවේ වෛද්‍යවරුන් ලෙස සේවය කරමින් සිටිති.

සනුහක් පින්නවලගේ තම පියා සමග ඊයේ (02) රාත්‍රී 08.30 ට ඉතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

Share.

Comments are closed.