සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (03) පෙරවරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික රෝහලේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය ඒ බව සඳහන් කලාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර රසදිය භාවිතය සම්පූර්ණයෙන් නැති කර දැමීමේ වැඩපිළිවෙළක් සිදු කරගෙන යන බව ඇය කියා සිටී.

මුළු සිරුරෙම රසදිය ප්‍රමාණයක් අලේප කළවිට එය සම හරහා රුධිරයට අවශෝෂණය නොවන බව පැවසීම කිසිදු වගකීමක් නොමැති ප්‍රකාශයක්  බව පවසන ඇය රසදියවලින් පිළිකාවලට වඩා වකුගඩු අකර්මන්‍යතා සිදු විය හැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.