ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූ ඇය “හඳ නැන්දා” ලෙස හැඳින් වූවාය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති අය අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරියක් ලෙස සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ 1984 වසරේය.  ඇය ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ ජයතිලක මහතාගේ ආදරණීය බිරිද විය.

Share.

Comments are closed.