මේ වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටී.

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේය.

මාස දෙකක් ඇතුළත ලැබුනු ළමුන් සම්බන්ධ පැමිණිලි අතරින් විශේෂයෙන් ළමා ලිංගික හිංසන පැමිණිලි 27 ලැබී ඇති බවත් එම පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යොමු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.