චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එම තීරණය ගෙන ඇත්තේ එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව යුරෝපා සංගමය සඳහන් කර ඇත.
ඒ අනුව එක් එක් නිෂ්පාදකයාට 17.4% සිට 37.6% දක්වා බදු පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේය.
එසේම චීනයෙන් ආනයනය කරන සියලුම විද්‍යුත් වාහන සඳහා ආනයන බද්දක් ලෙස පනවා ඇති 10%ක බද්ද නොවෙනස්ව පවතින බව සඳහන් වේ.
ඒ හේතුවෙන් යුරෝපා සංගමය තුළ චීන විද්‍යුත් වාහන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.