එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධ කිරීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු ඊයේ (06) උදෑසන දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

පසුගිය ජූලි පළමුවැනිදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මඟින් එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර තිබුනි.

ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සිදු කල සොයා බැලීමේදි ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකුද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව අනාවරණය විය.

ඉදිරි පොලිස් විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසද සති දෙකක් තුළ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පිරිස දිවයිනට පැමිණීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සිදු කිරීමට නියමිතය.

Share.

Comments are closed.