ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා පත් කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි ක්‍රිකට් තරගාවලි සඳහා මෙම පත්කිරීම සිදු කර තිබේ.

සිල්වවුර්ඩ් පුහුණුකරු ලෙස සේවයෙන් ඉවත් වී යාමත් සමඟ ඇති වී තිබෙන පුරප්පාඩුවට සුදුසු අයෙක් පත් කරනතුරු සනත් ජයසූරිය මහතා අතරමැදි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ඔහුට හිමි වන පළමු අභියෝගය නම් ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියයි. ඉන් පසු තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව එංගලන්ත සංචාරයක නිරත වීමට නියමිතයි.

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කටයුතු කිරීම ආරම්භ කලේය. එසේ ම නිමාවට පත් වූ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට ද සනත් ජයසූරිය මහතා උපදේශකයකු ලෙස එක්ව සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ කාලීන පුහුණුකරුවකු සොයමින් සිටින බව වාර්තා වන අතර සිල්වර්වුඩ් මහතා සිය පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස් වූයේ, එම කාලය එංගලන්ත සංචාරය දක්වා දීර්ඝ කර තිබූ තත්ත්වයක් තුලය.

Share.

Comments are closed.