දකුණු කොරියාවේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය දෙකක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ  (07) රාත්‍රී ගොඩ බැස්සවීමට කටයුතු කර ඇත. ඒ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරන ගුවන් යානය ඊයේ දින රාත්‍රී 06.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබේ .

මෙම ගුවන් ගමන සදහා ඒ.- 330 – 300 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 144 දෙනෙකු සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 15 දෙනෙකු ද ගමන් කල බව සඳහන් වේ.
ඒ වනවිට ශ්‍රී ලංකා ගුවන් සීමාව පසු කිරීමට ආසන්නයෙන් ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා ආපසු හරවා යළිත් රාත්‍රී 08.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස රැගෙන වෙනත් ගුවන් යානයක් දකුණු කොරියාව බලා පිටත් කර හැරීමට මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැළසුම් කරමින් සිටින බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.