දිවයිනේ විදුලි ගාස්තු බිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව විදුලි ගාස්තු 30% කින් සංශෝධනය කිරීමට රජය ඉදිරියේදී පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි.

එළඹෙන ජූලි 18 වැනිදා සිට මෙම නව විදුලි බිල් ගාස්තුව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා සඳහන් කලේය.

මේ අනුව 0-30ත් අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා රුපියල් 2කින් ද, ඒකක 30-60 දක්වා ඒකකයක් සඳහා මිල රුපියල් 20 -9 අතර ප්‍රමාණයකින්ද ඒකක 60-90 දක්වා රුපියල් 30 සිට 18 දක්වා රුපියල් 12කින් සහ ඒකක 90-180 දක්වා රුපියල් 50-30 දක්වා රුපියල් 20ක මුදලකින්ද විදුලි ගාස්තු අඩු කිරීමට තමා යෝජනා කර මහජන උපයෝගීතා කොමිසමට යොමුකර ඇති බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කලේය.

Share.

Comments are closed.