දැනට බදු අය නොකරන ක්ෂේත්‍ර 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මහා පරිමාණ උපකාර පංති, පෞද්ගලික පාසල්,  පෞද්ගලික වෛද්‍ය සේවා ස්ථාන, ඉංජිනේරු සේවා ස්ථාන සහ මිනින්දේරු සේවා එම අංශ දාහතරට ඇතුළත් වේ.

එම අංශවල ලියාපදිංචි වුණු සියලු දෙනාගේ ආදායම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයකුට අවස්ථාවක් නොදෙන බවද සඳහන් කළේය.

බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොතිබූ බව ඔහු කීවේය. ඉහත ක්ෂේත්‍ර 14 අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.