රජය විසින් අනුමත කළ වතු කම්කරු වැටුප් මුදල වන රුපියල් 1700 ක දෛනික වැටුප ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කොළඹ ශ්‍රී ලංකා වතු අධිකාරි සංගම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක අද (9) නිරත වූහ.

එහිදී වතු කම්කරුවන් එම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්වීමට කළ උත්සහයේදී කම්කරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇතිවිය. ඉන් පසුව පොලිස් කැරළි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ කැඳවීමට ද පියවර ගෙන ඇත.

එම විරෝධතාකරුවෝ ඉන් පසුව කොළඹ 7, පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතා දැක්වූහ. විරෝධතාකරුවන් නිවස ඉදිරිපිට විශාල ප්‍රමාණයේ ඡායාරූප සහ විරෝධතා පුවරු පුලුස්සා දමා පසුව වතු කම්කරුවෝ සාමකාමීව විසිර ගිය බව සඳහන් වේ. 

Share.

Comments are closed.