ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායක දලායි ලාමා සිය 89 වැනි ජන්ම දිනය සැමරූ බව වාර්තා වේ.
පසුගිය දා දණහිසේ සැත්කමකට භාජනය වූ දලායි ලාමාට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමින් ලොව පුරා බොහෝ රටවල එම දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ටිබෙට් ජනතාව එරට 14 වැනි දලායි ලාමා ලෙස නම් කර ඇති, වසර 1935 ජූලි මස 6 වැනිදා ටිබෙට් දේශයේ උපත ලැබූ දලායි ලාමා මේ වන විට දශක 6කට වැඩි කාලයක් ඉන්දියාවේ පදිංචිව සිටියේය.

දලායි ලාමාගේ 89 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පසුගියදා බටහිර බෙංගාලයේ විශේෂ උත්සවයක් පැවැති බවත්, ඔහුගේ අනුගාමිකයන් විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

දලායි ලාමාගේ ජන්ම දිනය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද X සමාජ මාධ්‍ය ජාලයේ සුබපැතුම් පණිවුඩයක් සටහන් කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share.

Comments are closed.