ජූලි මස විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා දැනුම් දීමක් සිදු කර තිබේ.

ඔහු ප්‍රකාශ කලේ, ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව ඊයේ (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බවයි.

රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩවර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් 708,231කට අදාළ විශ්‍රාම වැටුප් දීමනාව මෙලෙස නිදහස් කර ඇති බව ඔහු පෙන්වා දි තිබේ.

ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කරයි.

මේ සමග 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජුලි 10වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවනු ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජුලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකිරීම හේතුවෙන් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප් දීමනාව ජුලි 11 වන දින හිමිවනු ඇති බවද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දන්වයි.

Share.

Comments are closed.