වීසා නොමැතිව මෙරට රැඳි සිටි විදේශිකයින් 06 දෙනෙකු සහ තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සමග විදේශිකයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ සැකකටයුතු විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට කටුනායක පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (11) පස්වරුවේ සිදුකළ සෝදිසි කිරීමක දී මෙම විදේශිකයින් අත්අඩංගුවට ගත් පොලීසිය පවසයි.

නීතිවිරෝධි ලෙස ගෙන්වන ලද දුම්වැටි 1,000ක් (පැකට් 50) එක් විදේශිකයෙකු සතුව තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25, 26, 33, 38, 39 සහ 42 වයස්වල පසු වන ඉන්දීය ජාතිකයන් පිරිසකි. මේ පිලිබඳ කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.

Comments are closed.